Latestදේශීය

ශ්‍රී ලංකාව වසර දෙකට 5 වතාවක් පහළට – Fitch Ratings

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම වසර 07ක කාලය තුළ 07 වතාවක් පහත වැටී ඇති අතර මෙහි ඇති විශේෂත්වය නම් පහත වැටීම්වලින් පස් වතාවක්ම 2020 අප්‍රේල් මාසයේ සිට මේ දක්වා කාලය තුළ සිදුව තිබීමයි.

එමෙන්ම ශ්‍රී ලංකාවට සමාන්තරව ණය ශ්‍රේණි මට්ටම්වල පසුවූ සෙසු රටවල් ඔවුන්ගේ ණය ශ්‍රේණිගත කිරීම් අකන්ඩව යහපත් මට්ටමින් පවත්වා ගෙන යාමට මෙම වකවානුව තුළ දී සමත්ව ඇත.

2022 අප්‍රේල් 18 වන දිනට ගෙවීමට නියමිතව තිබූ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර කූපන් ගෙවීමක් සඳහා ලැබී තිබූ මාසයක සහන කාලයක් අවසන් වූ වහාම 2022 මැයි 19 වන දින ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය LTFC IDR ‘RD’ දක්වා පහත හෙළීමට ෆිච් රේටිංග්ස් කටයුතු කරනු ලැබීය.

ෆිච් රේටිංග්ස් මූලාශ්‍ර කරගනිමින් PublicFinance.lk වෙබ් අඩවිය විසින් මෙම තොරතුරු අනාවරණය කර තිබේ.

Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *