Latestදේශීය

රනිල් වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අගමැතිවරයෙක්?

වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සාකච්ඡාවක් ආරම්භ වී තිබේ.

ඒ විසි එක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරමින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත්කරගැනීම හරහා ය.

මෙම සාකච්චා පවත්වා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී ය.

විසිඑක් වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණ තුලදි බෙදීමක් ඇති වී ඇති අතර ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය සහ ජනාධිපති වරයාගේ බලතල පාර්ලිමේන්තුවට පැවරීම යන කාරණා සම්බන්ධයෙන් බෙදීම ඇතිවී තිබේ.

21 වැනි සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ දී පසුගිය 26 වනදා කැඳවූ සාකච්ඡාවකට මන්ත්‍රීවරුන් සහභාගි වී ඇත්තේ 21ක් දෙනෙකු පමණි.

එහිදී සාකච්චා කර ඇත්තේ අදාළ 21 ව්‍යවස්ථා සංශෝධන යෝජනාව පරාජය කිරීම පිළිබඳවය.

එම පක්‍ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කරන්නේ මේ මොහොතේ අවශ්‍ය විසි එක් වැනි සංශෝධනය නොව ජනතා ප්‍රශ්න විසඳීම බවය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හෙට දිනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම කැඳවා ඇත්තේ විසිඑක් වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්චා කිරීමටයි.

මීට පෙරද ජනාධිපතිවරයා විසින් කැදවන ලද ආණ්ඩු පක්‍ෂ රැස්වීමට පොදුජන පෙරමුණේ මන්ත‍්‍රීවරුන් සියයක පමණ පිරිසක් සහභාගී වූහ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *