Latestදේශීය

අමාත්‍ය නිල නිවාස වලින් ගෙවතු වගාව අරඹමු – කෘෂිකර්ම ඇමති

අමාත්‍ය නිල නිවාස මුල් කර ගනිමින් ගෙවතු වගාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, කෘෂිකර්ම හා වනජීවී අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (31) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

ඒ අනුව, ඇමති නිල නිවාස, ප්‍රාදේශීය සභා සහ පළාත් සභා මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන්ගෙන් මෙම කර්තව්‍ය සඳහා ආදර්ශයක් ලබා දෙමින් කටයුතු කරන ලෙස මහින්ද අමරවීර මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

එමෙන්ම, මෙරට රාජ්‍ය නිළධාරීන් සියලු දෙනා මෙම කටයුත්තට ප්‍රවේශ කර ගන්නා බව ද හෙතෙම සඳහන් කරන ලදුව මෙරට සෑම පුරවැසියෙක්ම තමන්ට අවශ්‍ය පෝෂණීය අහාර වේල සකසා ගැනීම සඳහා තම ගෙවත්තේ වගා කර ගැනීම පිළිබඳව හෙතෙම මෙහි දී අවධාරණය කළේය.

එමඟින් ලෝක ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා මෙරට අහාර වලින් ස්වයංපෝෂිත කර ගැනීමේ ක්‍රියාවලියට මෙරට සියලු දෙනාගේ සක්‍රිය දායකත්වය අත්‍යවශ්‍ය බව ද හෙතෙම මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *