දේශීය

Park and ride ක්‍රමවේදය යළි ක්‍රියාත්මකයි

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයත් ආයතන ප්‍රධානීන් හා විෂයේ ප්‍රාමාණික විද්වතුන් අතර පසුගියදා පැවති සාකච්ඡාවේදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් අනුව, පවතින ඉන්ධන අර්බුදයට පිළියම් වශයෙන් හඳුනා ගැණුනු ප්‍රවාහන වැඩපිළිවෙල (15) සිට ක්‍රියාත්මක කරන ලදී.

Park and ride ක්‍රමවේදය යළි ආරම්භ කිරීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් පසුගියදා ලබා දුන් උපදෙස් අනුව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිය පුද්ගලික වාහනය නවත්වා city bus සේවාව භාවිතයෙන් සිය දෛනික ප්‍රවාහන කටයුතු සිදු කරගැනීමට අද සිට පහසුකම් සලසා ඇත.

එමෙන්ම මීට සමගාමීව කඩවත අධිවේගී මාර්ග පිවිසුමේ සිට කොළඹ දක්වා ද, ගාලු පාර කටුබැද්ද සිට කොළඹ දක්වා ද city bus සේවාවක් ආරම්භ කර ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, පවතින ඉන්ධන අර්බුදය හමුවේ සිය පුද්ගලික වාහන සඳහා ඉන්ධන ලබා ගැනීමට ඇති අපහසුතාවයත්, ඉන්ධන සඳහා දැරීමට සිදුව ඇති අධික වියදම සඳහා ද මෙම city bus සේවාව තුළින් විසඳුමක් ලැබෙනු ඇති බවයි.

එමෙන්ම ඉන්ධන අර්බුදය අවසන් වීමෙන් පසුව වුවද මෙම සේවාවන් තුළින් සිය දෛනික කටයුතු ඉටු කරගැනීම මඟී ජනතාවට සිය ආර්ථික තත්වය සුරක්ෂිත කරගැනීමට මහෝපකාරී වනු ඇතැයි ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *