Latestදේශීය

ලංකාවට තෙල් දෙන්න කවුරුත් කැමති නැහැ – කාන්චන විජේසේකර

ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයුම්කරුවන් වෙත පසුගිය වසරේ ජුනි මාසයේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් 735ක් ගෙවීමට නියමිතව ඇති බවත්, එම ගෙවීම් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත්වීම හේතුවෙන් කිසිදු ඉන්ධන සැපයුම්කරුවෙක් ශ්‍රී ලංකාව වෙත තෙල් සැපයීමට ඉදිරිපත් නොවන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

සංස්ථාව ඉන්ධන මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කළත්, මේ වන තුරුත් කිසිදු සැපයුම්කරුවෙකු තෙල් සැපයීඹට ඉදිරිපත්ව නැත. මේ හේතුවෙන් ඉන්ධන සැපයුම් ඉදිරියේදී දැඩි අභියෝගයකට ලක්ව ඇති බවත් විජේසේකර පැවසීය.

ඉන්ධන ආනයනයට මාසිකව ඩොලර් මිලියන 550ක් අවශ්‍ය වන බවත් රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත භාණ්ඩාගාරයෙන් දෙනු ලබන්නේ ඩොලර් මිලියන 100ක් පමණක් බවත්, එය මේ මොහොතේ ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට නොහැකි බවත්, දීර්ඝකාලීන සැපයුම්කරුවන් අහිමි වීම මෙන් ම, නව සැපයුම්කරුවන් සොයා ගැනීමේ ගැටලුවක් පවතින බවත් ඉන්ධන මිළදී ගැනීම් සඳහා මාසිකව ඩොලර් මිලියන 400ක පමණ මුදලක් හිඟව ඇති බව ත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

ඉන්ධන මිල දී ගැනීම සඳහා සමාගම් හා සෙසු රාජ්‍යයන් සමග සාකච්ඡා තවමත් ක්‍රියාත්මක කරන බව ත් මේ අර්බුදයට කඩිනමින් විසඳුම් ලබා දෙන බව ත් අමාත්‍යවරයා පැවසීය.

Lanka Views


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *