Latestදේශීය

තවත් වසර 6කට ඉන්නයි බලාපොරොත්තුව – මහ බැංකු අධිපති

වසර හයක පූර්ණ ධුර කලයක් තමන් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

තමන් මාස දෙකක් සේවය කර ඉවත්ව යාමේ අපේක්ෂාවක් නොතිබූ බව ඔහු බීබීසී සේවය වෙත ප්‍රකාශ කර ඇත.

රට තුළ පවතින්නේ මාස දෙකක් තුළ විසදිය හැකි අර්බුදයක් නොවන බවද ඔහු සඳහන් කර තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පසු මහ බැංකු අධිපති ධුරයට නන්දලාල් වීරසිංහ මහතා පත් කරන ලද අතර ඔවුන් දෙදෙනාම ගෙවා දමන ලද්දේ ඊට පෙර මහ බැංකු අධිපති ලෙස පත් කරන ලද ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ ධුර කාලයයි.

එම වසර හයක ධුර කාලය ඉදිරි දින කිහිපය තුළ අවසන් වීමට නියමිතව තිබේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *