ක්‍රීඩාදේශීය

රයන් දෙවන ද්විත්ව ශතකයත් වාර්තාකරයි

ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ රයන් ප්‍රනාන්දු මේ වසරේ 19න් පහල අන්තර් පාසල් ක්‍රිකට් තරගවලදී තමන් රැස්කරගත් දෙවන ද්විත්ව ශතකය  වාර්තාකිරීමට අද දින සමත්වුනා.

කොළඹ ආනන්ද විද්‍යාලයට එරෙහිව පැවති දෙදින තරගයේ දෙවන දිනයේදී ලකුණු දෙසියක් රැස්කරමින් ඔහු තම කණ්ඩායම ප්‍රභල ස්ථානයකට රැගෙනයාමට සමත්වුනා.

ආනන්ද විද්‍යාලය රස්කල ලකුණු 120ට පිළිතුරු ලෙස පලමු දිනය අවසන් වනවිට කඩුලු හයක් දැවී ලකුණු 160ක් රැස්කරගෙන සිටි ශාන්ත තෝමස් කණ්ඩායම අද දින කඩුලු හතකට ලකුණු 380ක් රැස්කළේ රයන් ලබාගත් ලකුණු 200ත් සමගින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *