Latestක්‍රීඩාදේශීය

ප්‍රභාත් ජයසූරියගෙන් ඓතිහාසික පන්දුයැවීමක්

අද ගාල්ලේදී අවසන්වූ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී වමතින් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සිය ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගිවී කඩුලු 12ක් ලබාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩාමට ඓතිහාසික ඉනිමක සහ ලකුනු 39ක ජයක් ලබාදීමට සමත්වුණා.

ජයසූරිය විසින් ලබාගත් කඩුලු 12 ශ්‍රී ලාංකීක පන්දු යවන්නකු සිය මංගල ටෙස්ට් තරගයේදී ලබාගත් වැඩිම කඩුලු ගණන වන අතර ලෝක ටෙස්ට් ඉතිහාසයේ මංගල ටෙස්ට් තරගයක පන්දු යවන්නකු දක්වනලද හතරවන හොඳම පන්දු යැවීමයි.

එලෙසම මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කණ්ඩායමක්, ඉනිමකින් පරාජයකළ ප්‍රථම අවස්තාව ලෙසද ඉතිහාස ගතවනු ඇති.

ඕස්ට්‍රේලියාව ලබාගත් ලකුණු 364ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 554ක් රැස්කළා. එහිදී දිනේශ් චන්දිමාල් නොදැවී ද්විත්ව ශතකයක් ලබාගැනීම කැපීපෙනුනා. ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව ද්විත්ව ශතකයක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකීක පිතිකරුවා බවට පත්වුනා. සිය දෙවෙනි ඉනිමේදී ඕස්ට්‍රේලියානු කන්ඩායමට සියලුදෙනා දැවී ලබගතහැකි වූයේ ලකුණු 151ක් පමණයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *