මුදලිගේ ඇතුළු තිදෙනාගේ රැඳවුම් නියෝග වලට අත්සන් කරන්න එපා: එ.ජා මානව හිමිකම් කවුන්සිලය
පසුගියදා (18)කොළඹදී පැවති විරෝධතාවයක් අතරතුර අත්අඩංගුවට පත් වසන්ත මුදලිගේ , හෂාන් ජීවන්ත සහ පූජ්‍ය. ගල්වැව සිරිධම්ම හිමි යන තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන දැඩිලෙස කණගාටුවට පත්වන බව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නියෝජිතවරියක් වන මේරි ලෝලර් twitter පණිවිඩක් නිකුත් කරමින් සඳහන් කරනවා.
එසේම මානව හිමිකම් කවුන්සිලය පෙන්වාදෙන්නේ මෙම පිරිස සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග වලට අත්සන් නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලාසිටින බවයි.
එසේ අතසන් කලහොත් එම දිනය ශ්‍රීලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයිද නියෝජිතවරිය සිය twitter පණිවිඩයයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ වනවිට මුදලිගේ ඇතුළු තිදෙනා පැය 72 ක රැඳවුම් නියෝග මත පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවයි පොලීසිය පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

