තිරිඟු පිටි හිඟයක් හේතුවෙන් බේකරි කර්මාන්ත හිමියන් දැඩි අපහසුතාවයකට
රට තුළ පවතින තිරිඟු පිටි හිඟයක් හේතුවෙන් බේකරි කර්මාන්ත හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව සමස්ත ලංකා බේකරි කර්මාන්ත හිමියන්ගේ සංගමය පවසනවා.
බේකරි නිෂ්පාදන අමුද්‍රව්‍ය මිල දිනෙන් දින ඉහළ යාමත් තිරිඟු පිටි හිඟයත් හේතුවෙන් බේකරි කර්මාන්තය පවත්වාගෙන යාමේදී ඉතාමත් දුෂ්කරතාවකට මුහුණදීමට සිදුව ඇතිබව සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා.
සමස්ත ලංකා බේකරි කර්මාන්ත හිමියන්ගේ සංගමය මාධ්‍ය හමුවකට පෙනීසිටිමින් මෙම අදහස් පලකළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

