තානාපතිවරුන්ගේ ට්විටර් සෙල්ලම නතර කළ යුතුයි – එක්සත් ජාතික නිදහස් පෙරමුණ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් බටහිර සහ යුරෝපිය රටවල් දිගින් දිගටම අපට කියා සිටියේ රටේ ස්ථාවර බවක් ඇතිකරගනිමෙන් පසුව ආර්ථික සහන හා ණය ලබාදීමේ සාකච්ඡා ආරම්භ කරන බව වුවද දැනට සිදුවෙමින් පවතින්නේ තානාපති කාර්යාල විටින් විට රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස මැදිහත්වෙමින් ට්විටර් පණිවුඩ නිකුත් කිරීම බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මේ නිසා රටේ ස්වෛරී භාවයට හා අනන්‍යතාවයට බරපතල අනතුරක් ඇති බවත් තානාපතිවරුන් තමන්ගේ රාජ දුත සේවාවේ සීමාවන් ඉක්මවා යාම අපගේ අධිකරණ ක්‍රියාවලියට හා නීති පද්ධතියටද අන්‍ය ආකාරයෙන් එල්ලවන තර්ජනයක් බවත් එම පෙරමුණ වැඩිදුරටත් අවධාරනය කරනවා.
එක්සත් ජාතික නිදහස් පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය,
තානාපතිවරු ට්විටර් සෙල්ලම නතර කොට ශ්‍රී ලංකාවට උදව් කල යුතුයි
වර්තමානයේ ශ්‍රී ලංකාව රටක් ලෙස ආර්ථික වශයෙන් සුවිශාල කඩා වැටීමකට ලක්ව ඇති බව අප සියළු දෙනා පොදුවේ පිළිගන්නා සත්‍යයකි.ආර්ථික කඩාවැටීමට සමගාමිව දේශපාලන සමාජ සංස්කෘතික පරිහානියකට රට පත්ව තිබේ.එකී තත්වයට මෙතෙක් මේ රට පාලනය කල සියළු පාලකයන් සේම ඊට දායකත්වය ලබාදුන් නිලධාරි සමුහයාද අඩු වැඩි වශයෙන් වගකිව යුතු බව අපගේ අදහසයි.කාගේ හෝ එක පුද්ගලයෙකුගේ කරමත එකී වගකීම පටවා කිසියම් දේශපාලන පක්ෂයක්,සංවිධානයක්,බලපෑම් කණ්ඩායමක් ඉන් බේරී යාමට උත්සහ දරන්නේ නම් එය තවදුරටත් ජනතාව මුලා කිරීමක් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.සියළු පාර්ෂව විසින් ඇතිකරන ලද වර්තමාන තත්වයට නොඑසේනම් ආර්ථික අර්බුදයට විසදුම් සොයාගත යුත්තේද සාමුහික උත්සහයකින් බව අපගේ අවබෝධයයි.
සිව් මසකට අධික කාලයක් පුරා රට තුල ඇතිවූ සිවිල් ජනයාගේ නැගිටීම සම්බන්දයෙන් විමසා බලන කල අපට නිරීක්ෂය වන ප්‍රධානම කාරණය නම් ආර්ථික අහෙනියයි,ඊට පසුව දේශපාලන අස්ථාවර බව නීතියේ ආධිපත්‍ය බිදවැටීම,විරැකියාව,උගත් තරුණ පිරිස් රටහැර යාම යනාදී කාරනා දැකිය හැකිය.මිට අමතරව එවක ජනාධිපතිවරයා විසින් කෘෂිකාර්මික ක්ෂේත්රයට ගනුලැබූ අන්දමන්ද වූ තීරණ සහ ඒවා සාධාරණීකරණය කිරීමට වියත් යැයි හදුන්වාගත් පිරිස් විසින් ගත් මන්ද බුද්ධික තීරණ සුවිශාල බලපෑමක් කළේය.රටේ තැන තැන ඇතිවූ ජනතා උද්ඝෝෂණ අවසානයේ ජනතා සුනාමියක් බවට පත්ව පාලකයන් පන්නා දමන තැනට ගමන් කළේය.එය සාධාරණ ජනතා ව්‍යාපාරයකි.රටේ පංච මහා බලවේගය පමණක් නොව වෘත්තිකයන් කලාකරුවන් ව්‍යාපාරිකයන් කර්මාන්ත කරුවන් ධනවතුන් ප්‍රභූන් මේ සියළු දෙනා මෙකි අරගලයේ සාමාජිකයන් බවට පත්විය.කුඩා දරුවන් පවා අරගල භූමියට පැමිණියේය.දේශ දේශාන්තරවල ශ්‍රීලාංකික ජනයා රාජපක්ෂවරු බලයෙන් ඉවත්විය යුතු බව කියමින් විශාල හඩක් නැගුවේය.අප පක්ෂයක් ලෙස එකී ජනතා අරගලය අදටද හදුන්වන්නේ සාමකාමී ජනයා විසින් සිදුකරන ලද සාමකාමී අරගලයක් ලෙසය.
මැයි 09 වැනිදා අරලියගහ මන්දිරයේ සිට පැමිණි නොදියුණු දේශපාලන තක්කඩි පිරිසක් විසින් දින 90කට ආසන්න කාලයක් පුරා අවිහිංසාවාදීව සිදුකල අරගලයට පහරදීම අප දකින්නේ රාජපක්ෂ පාලනයේ අවසානයේ ආරම්භය ලෙසය.ඉන් පසු සිදුවූ මිනී මැරීම් මංකොල්ල කෑම්,ගෙවල් දොරවල් ගිනිබත් කිරීම පුද්ගලික හා පොදු දේපල විනාශ කිරීම් වැනි අශිලාචාර ක්‍රියා අපට කුමන තත්වයක් යටතේ හෝ අනුමත කල නොහැක.ඔවුන් සියළු දෙනා වෙත තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කිරීම වර්තමාන පාලනයේ වගකීමයි.ඒ සදහා සාධාරණ අධිකරණ පද්ධතියක් අප සතුව ඇත.බටහිර තානාපති කාර්යාල අමුතුවෙන් ට්විටර් පණිවුඩ නිකුත් කිරීම අවශ්‍යය නොවේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව නව ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ආණ්ඩුවක් පත්ව තිබේ.කවුරු අකමැති වුවත් කැමති වුවත් මෙවැනි මොහොතක ක්‍රියාත්මක වන්නේ රටේ ව්‍යවස්ථාවට අනුව සිදුකල හැකි හොදම දේ මිස එක් එක් පුද්ගලයාගේ හෝ කණ්ඩායම්වල සිතගියාවන් නොවේ.සියල්ල ඔවුන්ගේ කැමැත්ත පරිදි සිදුවිය යුතු යැයි සිතන පිරිසක් ඕනෑම රටක සමාජයක සිටිය හැකිය.රටක නීති සැකසි ඇත්තේ පොදු සම්මතයන්ට අනුව බව ඒ සියළු දෙනා අවබෝධකරගත යුතුව ඇත.පොදුවේ සමාජයට හානියක් විය හැකි ක්‍රියාවක් අපරාධයක් වන්නේ ඒ නිසාය. නව පාලනය යටතේ සම්පුර්ණ වශයෙන් රට යතා තත්වයට පත් නොවුනද කිසියම් ආකාරයකින් පැවති තත්වයට වඩා යහපත් දිසාවකට රට ගමන් කරමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.ඉන් කියවෙන්නේ ප්‍රජාත්නත්‍රවාදය සහ ආර්ථික නිදහස වෙනුවෙන් අප සිදුකරන අරගලය අත්හැර දැමිය යුතුය යන්න නොවේ.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් බටහිර සහ යුරෝපිය රටවල් දිගින් දිගටම අපට කියා සිටියේ රටේ ස්ථාවර බවක් ඇතිකරගනිමෙන් පසුව ආර්ථික සහන හා ණය ලබාදීමේ සාකච්ඡා ආරම්භ කරන බවයි. නමුත් දැනට සිදුවෙමින් පවතින්නේ තානාපති කාර්යාල විටින් විට රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස මැදිහත්වෙමින් ට්විටර් පණිවුඩ නිකුත් කරමයි.මෙය රටේ ස්වෛරී භාවයට හා අනන්‍යතාවයට බරපතල අනතුරකි.තානාපතිවරුන් තමන්ගේ රාජ දුත සේවාවේ සීමාවන් ඉක්මවා යාම අපගේ අධිකරණ ක්‍රියාවලියට හා නීති පද්ධතියටද අන්‍ය ආකාරයෙන් එල්ලවන තර්ජනයකි.එක්සත් ජාතික නිදහස් පෙරමුණ ලෙස අපි දැඩිව අවදාරණය කර සිටින්නේ මෙය අභ්‍යන්තර ප්‍රශ්නවලට අනවශ්‍ය ලෙස සිදුකරන මැදිහත්වීමක් බවයි.ඒ වෙනුවට අපි එකී තානාපතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ රට පත්ව තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සදහා හැකි අයුරින් සද්භාවයෙන් අපට උදව් කරන ලෙසයි
ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
මහ ලේකම්
එක්සත් ජාතික නිදහස් පෙරමුණ