කොළඹ උතුර තෙවැනි ජයත් ලබා අවසන් තරගයට සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන වයස අවුරුදු 17 පහළ අන්තර් පලාත් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබීමට කොළඹ උතුර කණ්ඩායම අද සුදුසුකම් ලැබුවා. ඒ මහ නුවර කණ්ඩායම කඩුලු තුනකින් පරාජය කරමින්.
පිටපිට තරග දෙකක් ජයගෙන මෙම තරගයට පිවිසි කණ්ඩායම් දෙකටම මෙම තරගය වැදගත් වුනේ මෙම තරගය ජයග්‍රහනය කරන කණ්ඩයම අවසන් තරගයට සුදුසුකම් ලබන බැවින්. මුලින් පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම සියලුදෙනා දැවී ලබගත්තේ ලකුණූ 193ක් පමණයි. එහිදී සුපුන් වඩුගේ ලකුණු 98ක් ලබගනිමින් දස්කම් දැක්වූ අතර, පිළිතුරු ඉනිමේදී කොළඹ උතුර කණ්ඩායම කඩුලු හතක් දැවී ඉලක්කයට ළඟාවුයේ පන්දුවාර හයක් ඉතිරිව තිබියදී. කොළඹ උතුර කණ්ඩායම වෙනුවෙන් ලකුණු 61ක් ලබාගනිමින් කවිඳු අමාමෙත් පිත්තෙන් දස්කම් දැක්වූවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

