ක්‍රීඩාදේශීය

පැතුම්ගේ මතබේදයට තුඩුදුන් දැවීයාමෙන් ශ්‍රී ලංකාව අඩපනවෙයි

විශිෂ්ඨ තුන් ඉරියව් දක්ෂාතා ප්‍රදර්ශණය කරනමින් 2022 ආසියානු කුසලානයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු අටකින් පරාජය කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්වූණා.

ෆසාල්හක් ෆාරුකිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රථම කඩුලු ත්‍රිත්වය ලකුණූ පහකට දැවීයාමෙන් පසු තරගයේ සම්පූර්ණ ග්‍රහණය තමන් සතුකර ගත් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම තම ප්‍රතීවාදීන් ලකුණූ 105කට සීමා කළා.

පිළිතුරු ඉනිමේදී ඇෆ්ගනිස්ථානය කඩුලු දෙකක් දැවී ජයග්‍රහණය තමන් සතුකරගත්තේ තරගයේ පන්දු වාර නමයකුන් පන්දු පහක් ඉතිරිව තිබියදී.

තරගයේ මතබේදයට තුඩුදුන් විශේෂ සිදුවීම වූයේ පැතුම් නිස්සංකගේ දැවීයාමයි. කඩුල්ල පසුපස උඩපන්දුවක් රැකගැනීම නිසා පැතුම් නිස්සංක දැවීගිය ක්‍රීඩකයකු ලෙස නම් කලද එය ශ්‍රී ලංකා කණ්ඩයමේ ඇභියෝගයට ලක්වුණා. පුනරූපන වල Ultra Edge රූප රාමු පෙන්නුම් කළේ පන්දුවේ ගමන්මගෙහි කිසි වෙනසක් සිදු නොවන බවයි. එනමුත් තෙවන විනිසුරුවන් පිටියේ විනිසුරන්ගේ තීරණය වෙනස් නොකිරීමට තීරණය කිරීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම දුර්මුඛවී ගියා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *