Latestදේශීය

අමතර ඉන්ධන තොග බෙදා හැරීමට කටයුතු කරනවා – කන්චන විජේසේකර

ඉන්ධන තොග බෙදා හැරීම පිළිබඳව සමාලෝචනය කර ඉදිරි දින 3 තුළ දිවයින පුරා අමතර ඉන්ධන තොග බෙදා හැරීමට තමන් උපදෙස් ලබා දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ ට්විටර් පණිවුඩයක සඳහන් වෙයි.

එම පණිවුඩයේ වැඩි දුරටත් සඳහන් කරන්නේ, බෙදා හැරීමේ අඩුපාඩු, ගොඩබෑමේ ප්‍රමාදයන් සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඇණවුම් සඳහා ගෙවීම් ප්‍රමාද වීම හෙතුවෙන් දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවයි.

කෙසේ වෙතත් නැවත ඇති වෙමින් පවතින දිගු පෝලිම් ඉදිරි දින 2 තුළ අවම කිරීමට සැලසුම් කරන බවද එම ට්විටර් පණිවුඩයේ කියයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *