Latestදේශීය

කොරෝනා වෛරසය නැවත හිස ඔසවයි

කොරෝනා වෛරසය නැවත වතාවක් රට පුරා පැතිර යමින් ඇති අතර තත්වය පාලනය නොකලහොත් නැවත වතාවක් රට වසාදැමීමේ අවධානමක් ඇති විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මාධ්‍ය හමුවක් අමතමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසාසිටියේ කොරෝනා එන්නතේ කුමන හෝ මාත්‍රාවක ප්‍රතිශක්තිකරණය පවතින්නේ මාස හයක පමණ කාලයක් පමණක් බවත් එම කාල සීමාව ඉක්මවා ඇති නම් ඕනෑම අයෙකු යලිත් එන්නත් මාත්‍රාවක් ලබා ගන්නා ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලීකමක් කරන බවයි.

කොරෝනා වසංගතයක් රට තුළ තිබූ බව අමතක කරමින් වගකීම්  විරහිතව කටයුතු කළහොත්  නැවත වතාවක් රට වසා දැමීමට සිදු වනු ඇති බවද එසේ නොවීමට නම් ජනතාව වගකීම් සහගතතව හැසිරීම අත්‍යාවශ්‍ය බවද ඔහු පෙන්වා දෙනවා.

මේ වනවිට ආසාධිතයන් වාර් තා වීම සිදුවන්නේ ඉතා සුලු වශයෙන් බවත් ඊට හේතු වී ඇත්තේ ආසාධිතයන් හඳුනාගන්නා පරීක්ෂණ සිදු නොකිරීම බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?