Latestදේශීය

QR නිසා තම ආදයම අඩුවී ඇති බව ඉන්ධන හල් හිමියන් පවසනවා

ඉන්ධන ලබාගැනීම සඳහා රජය විසින් QR ක‍්‍රමය හඳුන්වාදීම සමග නිකුත් කරන් ඉන්ධන ප්‍රමාණය අඩුවීම හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් වලට පෙර මෙන් ආදායමක් නොමැති බව ඉන්ධනහල් හිමියන් පවසනවා.

 පිරවුම්හල් වලට පෙර මෙන් ආදායමක් නොමැති වීම හේතුවෙන් තම රැකියාවන් ද  අනාරක්ෂිත තත්වයට පත්ව ඇතැයි ඉන්ධනහල් පොම්පකරුවන් ද කියාසිටිනවා.

මීට පෙර නිකුත් කරන ලද ඉන්ධන ප්‍රමාණයට වඩා දැන් ඉන්ධන නිකුත් කිරීම අඩු වී ඇති අතර ඒ සමගම ආදායමද අඩුවීම හේතුවෙන් මේ වනවිට එය තමන්ගේ රැකියාවටද ඍජුව බලපා ඇති බවද ඉන්ධනහල් පොම්පකරුවන් පෙන්වාදෙනවා.

පෙර දී තමන් මුර ක්‍රමයට සේවය කළ ද මේ වන විට සේවයට වාර්තා කරන්නේ දින දෙක තුනකට වරක් ඉන්ධන තොග ලැබුණොත් පමණක් බවද මේ හේතුවෙන් තමන් මහත් දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇතැයි ද ඔවුන් පවසනවා. ඉන්ධන පිරවුම් හල් හිමියන් දැනටමත් තාවකාලික සේවකයන් සේවයෙන් ඉවත් කරන බවට දැනුම් දී ඇති බව ද ඔවුන් තවදුරටත් කියා සිටියා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *