සෙරීනා විලියම්ස් හැඟුම්බර සමුගැනීමක
ටෙනිස් ලොව දීප්තිමත්ම තාරකාවක් ලෙස සැලකෙන ඇමෙරිකානු ජාතික සෙරීනා විලියම්ස් ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියේ තුන්වන වටයේ තරගයකිදී පරාජය වීමත් සමග අද දින ශෝකාකූල සමුගැනීමක් සටහන් කළා.
තරගාවලියට ප්‍රථම ප්‍රසිද්ධ මාධ්‍යකට ඇය පවසා තිබුණේ ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියෙන් අනතුරුව තම පවුලේ වැඩකටයුතු වෙනුවෙන් තමන් කාලය වෙන්කරන බවයි.
1995 වසරේදී 14 හැවිරිදි දැරියක් ලෙස ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවලියට සහභාගිවෙමින් ක්‍රීඩාවට පිවිසි විලියම්ස් වසර 27ක් තුල ප්‍රධාන ශූරතාවලි 23ක් ජයග්‍රහණය කළා. ලොව පුරා ටෙනිස් විචාරකයින් සෙරීනා විලියම්ස් සලකනු ලබන්නේ ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ඨතම ක්‍රීඩිකව වශයෙන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

