පාන් ගෙඩියක මිල රු.300
පාන් ගෙඩියක මිල රුපියල් 300 දක්වා ඉහළ දැමීමට සිදූවනු ඇතිබව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
දිනෙන් දින ඉහළ යන තිරිඟු පිටි මිල හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ඉහල දැමීමට සිදුවන බව එම සංගමය මින් පෙරද සඳහන් කළා.
සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ , පාන් පිටි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හමුවේ පාන් ගෙඩියක් රුපියල් 300කට අලෙවි කරන්නැයි දිවයිනපුරා බේකරි හිමියන්ට උපදෙස් ලබා දී තිබෙන බවයි.
තිරිඟු පිටි මිල ඉහළ යාම , තිරිඟු පිටි හිඟකම ප්‍රවාහන ගාස්තු අධික වීම වැනි හේතූන් මත දිවයින පුරා බේකරි රැසක් මේ වනවිට වැසී ගොස් ඇතිබව ද පසුගියදා වාර්තා වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

