Latestදේශීය

පැවති මිලටම පිටි අලෙවි කල යුතුයි – අමාත්‍ය නලීන් ප්‍රනාන්දු

මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය සඳහා තිරිඟු තමන් සතුව ඇතැයි පිටි සමාගම් පැවසූ බැවින් රට තුල මේ මොහොතේ තිරිඟු පිටි මිල වැඩිවීමට කිසිඳු හේතුවක් නැතැයි වෙළඳ හා පාරිභෝගික සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඇමතිවරයා මෙහිදී අවධාරණය කළේ මාසයකට අවශ්‍ය පිටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය තිරිඟු තමන් සතුව ඇති බවත් තුර්කිය සහ ඩුබායි වෙතින් තවත් තිරිගු ඇනවුම් කර ඇති හෙයින් ඒවා මෙම මස 15 වැනිදා වන විට මෙරටට ලැබෙන බවත් පිටි නිෂ්පාදන සමාගම් පැවසූ බවයි.

එම නිසා පැවති මිලටම පිටි අලෙවි කල යුතු අතර  එසේ නොකරන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට දැනුම් දී ඇති බවත් ඔහු කියා සිටියා.

එම නිසා ඉදිරියේදී පිටි හිඟයක් ඇති නොවන බවත් තිරිඟු වලින් පිටි නිෂ්පාදනයේ දී වියදම වැඩිවීමක් හෝ අතිරේක වියදම් එක් වීමක් සිදුව නැති නිසා පිටි හිඟයක් ඇතිවූ පමණින් මිල වැඩිවිය නොහැකි බව ද ඇමතිවරයා පෙන්වා දෙනවා. අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *