Latestදේශීය

සා/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ලබන 20 වනදා

2021 වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර් ය විෂයයන් වලට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ සැප්තැම්බර් 20 වනදා ආරම්භ කිරීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා අද (05) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේ එම ප්‍රායෝගික පරීක්ෂණ ලබන 15 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණ ද නොවැළැක්විය හේතූන් මත එම පරීක්ෂණ පැවැත්වීම 20 වනදා කල් දැමීමට සිදුවන බවයි. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ 2021 සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින අතර විෂය‍යන් කිහිපයක ඇගයීම් කටයුතු අවසන් අදියරට පැමිණ ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?