සෙස් බද්ද අපනයන සංවර්ධනයට නම් දුරකථන සදහා සෙස් බද්ද ගහන්නේ ඇයි? – අජිත් මාන්නප්පෙරුම
අපනයනය අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස පවතින වත්මන් ආර්ථික අර්බුධය හමුවේ අපනයන සංවර්ධනය සදහා පිහිටුවා ඇති අරමුදල වන සෙස් බද්ද අපනයන සංවර්ධනය සදහා යොදා නොගෙන වෙනත් දේවල් සදහා වැය කරන්නේ කුමක් නිසාද යන්න අද (07)පාර්ලිමේන්තුවේදී අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රිවරයා ප්‍රශ්ණ කළා.
සෙස් බද්ද පොදු අරමුදලට වැය කිරීම සාමාන්‍ය තත්ත්වයක් බව මේ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැවසුවා.
දුරකථන සදහා සෙස් බද්දක් පැනවීමට හේතුව කුමක්ද යන්න අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කළ අතර ඒ සදහා ආන්ඩුව පාර්ෂවයෙන් පිළිතුරු ලබා දීමට කිසිවෙක් ඉදිරිපත් වුනේ නැහැ.
මෙහිදී බදු සම්බන්ධයෙන් ආන්ඩුවේ නොදැනුවත් කම සම්බන්ධයෙන් විපක්ෂය දිගින් දිගටම විවේචනය කළ අතර ඒ සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයෙන් සාධනීය පිළිතුරක් ලැබුනේ නැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

