Latestදේශීය

රටතුළ ගෑස් ගිඟයක් නැහැ-ලිට්‍රෝ සමාගම

ඊයේ (06) දිනයේ සහ අද (07) දිනයේ දී ගෑස් නෞකා තුනක් දිවයිනට පැමිණීමට නියමිත අතර ගෑස් සැපයුම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ලිට්‍රෝ සමාගම පාරිභෝගික ජනතාවට දැනුම්දීමක් කර තිබෙනවා.

ගෑස් හිඟයක් මවා පෑමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් ගෑස් තොග සඟවා තැබීමට කටයුතු කරන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ.

හෙට(08) දිනයේ සිට සාමාන්‍ය පරිදි ගෑස් බෙදාහැරීම් කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *