Latestදේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිටුවයි

පද්ධතියේ සිදුවී ඇති දෝෂයක් හේතුවෙන් අද දිනයේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇතැයි  ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා .

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ  බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත්කිරීම තාවකාලිකව අත්හිට වූ බව එමගින් දැනුම් දී තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවේ, අයදුම්පත්‍ර භාරගැනීම ද සිදු නොකළ  බවයි.  පද්ධතිය  නැවතත් යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු වේ වනවිට  ක්‍රියාත්මක කර ඇති බවද  ඇය සඳහන්  කරසිටියා. 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *