Latestදේශීය

මන්කි ෆොක්ස් ගැන නැවතත් අනතුරු ඇගවීමක්

මන්කි ෆොක්ස් හෙවත් වදුරු උණ වැළඳුණු ශ්‍රී ලාංකිකයකු පසුගිය 03 වැනිදා මෙරටින් හමුවීමත් සමග රටේ සෞඛ්‍ය අංශ ඒ පිලිබද අවධානය යොමු කර තිබෙනවා.

වඳුරු උණ රෝගය මේ වනවිට ලෝකයේ අනෙක් රටවල පැතිරෙමින් පවතින රෝගයක් බැවින් මෙරට සෞඛ්‍ය අංශ සහ ජනතාව ඒ පිලිබද දැඩි අවධානය යොමු කල යුතු බවයි  වෛද්‍යවරුන් පවසන්නේ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා  අංශයේ විශේෂඥා වෛද්‍ය චින්තන පෙරේරා මේ බව සදහන් කරනු ලැබුවේ වඳුරු උණ සම්බන්ධයෙන් සූම් තාක්ෂණය ඔස්සේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් බවයි වාර්තා වෙන්නේ.කිසිදු රෝග ලක්ශණ නොමැති රෝගින් විදෙස් රටවල සිට මෙරටට පැමිණිමට ඉඩ ඇති බැවින් මෙරට බලධාරීන් ඉතා සැලකිලිමත්ව කටයුතු කල යුතු බව එහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා .


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *