Latestදේශීය

උද්ධමනය තවත් ඉහළට

මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා පමණක්වත් සපුරා ගැනීමට වැය වන අවම වියදම තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුවයි.

ඒ අනුව ඉකුත් සැප්තැම්බර් මාසයේදී මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා පමණක්වත් සපුරා ගැනීමට වැය වන අවම වියදම දැක්වුණේ රුපියල් 13,772ක් ලෙසයි. ජුලි මාසයේදී රුපියල් 13,138ක් ලෙස සටහන් වූ මෙරට පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන අවම වියදම අගෝස්තු මාසයේදීද රුපියල් 13,460ක් දක්වා ඉහළ ගියා. 

කෙසේවෙතත් ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දිස්ත්‍රික්ක 7ක අවම වියදම රුපියල් 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයෙකුට සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට වැය වන අවම මුදල රුපියල් 14,854ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ එම අගය රුපියල් 14,777ක් වනවා. කළුතර, නුවරඑළිය, මන්නාරම, පුත්තලම සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මාසික අවම වියදම රුපියල් 14,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 

සිය අවම අවශ්‍යතා සපුරා ගැනීමට පුද්ගලයෙකුට අඩු මුදලක් වැය කිරීමට සිදුවන දිස්ත්‍රික්කය වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේයි. එම අගය රුපියල් 13,168ක්. 

Neth News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *