Latestදේශීය

ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් රුපියල් ලක්ෂ 11ක ඉතිරියක්

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඇතුළු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනයන්හි විධායක මට්ටමේ නිළධාරීන් පසුගිය දා (09) කෝච්චියෙන් අනුරාධපුරය බලා පිටත් විය.

අමාත්‍යවරයා ඇතුළු නිළධාරීන් සුපුරුදු පරිදි සිය නිළරථවල ගමන් ගන්නේ නම් වාහන සඳහා ඉන්ධන, රියදුරු දීමනා, ඇතුළු අනෙකුත් වියදම් සඳහා රුපියල් ලක්ෂ 12ක පමණ මුදලක් වැය වේ.

ඔවුන් සියලු දෙනා කෝච්චියේ ගමන්ගත් නිසා වැය වී ඇත්තේ රුපියල් ලක්ෂයක පමණ මුදලකි. ඒ අතර රජයට ඉතිරි වූ මුදල රුපියල් ලක්ෂ 11ක් පමණ වේ.

අමාත්‍යවරයා මෙලෙස පිටත්ව ගියේ ක්‍රීඩා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් සභාව එක්ව සිදුකරන ජාතික ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් මාලාවේ පළමු වැඩසටහන ලෙස උතුරුමැද පළාතේ දී (09) ආරම්භ වූ ක්‍රීඩා වැඩසටහන සඳහායි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *