ආන්ඩුවේ වී, සහල් ගැටුම
පාර්ලිමේන්තු ආන්ඩු පක්ෂ රැස්වීමේදී වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතර බරපතල මත ගැටුමක් හටගෙන තිබෙනවා. ඒ සහල් ආනයනය කිරීමට අදාල යෝජනාව සම්බන්ධයෙන්.
රට තුළ ඇති තරම් වී ඇති නිසාත් ඉදිරි අස්වැන්න හරහා තවත් වී ලැබෙන්නට ඇති නිසාත් සහල් ආනයනය නොකළ යුතු බවයි මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා ඇත්තේ.
නමුත් රටේ සහල් අවශ්‍යතාවය සම්පූර්ණයෙන් සපුරා ගැනීමට වී ප්‍රමාණවත් නොවන බැවින් විශේෂයෙන්ම උත්සව කාලයට අවශ්‍ය සහල් ප්‍රමාණය සපුරා ගැනීමට සහල් ආනයනය කළ යුතු බවයි නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ.
මෙම විවාදය උණුසුම් ස්වරූපයක් ගෙන ආන්ඩු පක්ෂ මත ගැටුමක් බවට පත්ව ඇති අතර අවසානයේ සහල් ආනයන අර්බුදය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ආහාර සුරක්ෂිතතා කමිටුවට යොමුකර තීරණයක් ගැනීමට තීරණය වී තිබෙවනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

