චීන නියෝජිතයෙක් මෙරට සංචාරයක
විදෙස් රටවල් සමග මිත්‍රත්වය සඳහා වූ චීන මහජන සංගමයේ සභාපති ලින් සොන්ග්ටියෑන් (Lin Songtian) මහතා පස්දින සංචාරයක් සඳහා ඊයේ (12) දිවයිනට පැමිණි බව චීන තානාපති කාර්යාලය සඳහන් කරනවා.
සොන්ග්ටියෑන් මහතාගේ මෙම සංචාරයේ අරමුණ වීඇත්තේ දෙරට අතර මිත්‍රත්වය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම බවයි චීන තානාපති කාර්යාලය නිකුත්කළ වාර්තාවේ දැක්වෙන්නේ.
මෙම සංචාරය තුළදී සොන්ග්ටියෑන් මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.
ලබන අඟහරුවාදා ශ්‍රී ලංකා – චීන මිත්‍රත්ව සංගමය සංවිධානය කරන සම්මන්ත්‍රණයකට සහභාගීවීමට නියමිත ලින් සොන්ග්ටියෑන් මහතා එහිදී දේශනයක් පැවැත්වීමටද නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

