Latestක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන්

පසුගියදා දකුණු කොරියාවේ පැවැති ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගී වී සිටි ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකාව අතුරුදහන්ව ඇති බවට වාර්තාවේ.

ඊයේ දිනයේ පැවති තරගයකින් අනතුරුව කණ්ඩායමේ නායිකා දුලානි පල්ලේකොන්ඩගේ මෙලෙස අතුරුදහන් වී ඇති බවයි කණ්ඩායමේ කළමනාකරු විසින් කොරියානු පොලීසියට දන්වා ඇත්තේ.

කොරියානු පොලීසිය මේවනවිටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවයි තවදුරටත් වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රග්බි කාන්තා හා පිරිමි කණ්ඩායම් මෙම තරගාවලිය සදහා සහභාගී වූ අතර අද දිනයේ යළි ඔවුන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිත ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *