Latestදේශීය

අදත් තද වැසි

අද දිනට අදාළ කාලගුණ වාර්තාව කාලගුණ වාර්තාව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව දකුණු පළාත සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය මගින් දක්වා තිබෙන්නේ.

එසේම අද සවස දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

අද උදෑසන කාලයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිහිඳුම් සහිත තත්ත්වයක් පැවති හැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා.

ගිගුරුම් සහිත වැසි පවතින විට තාවකාලික තද සුළං සහ අකුණු ඇති විය හැකි බැවින් එයින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?