Latestදේශීය

තංගල්ල අධිකරණයේදී ත්‍රස්ත විමර්ශන ඒකකය නිරුත්තර වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පරිදි අද දින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

එහිදී හදුනාගැනීමේ පෙරට්ටු කිහිපයකට ඉදිරිපත් කළ යුතු යැයි පවසමින් ඔහුගේ මුහුණු ආවරණය කොට අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇත. කෙසේ නමුත් මහේස්ත්‍රාත්වරයා විසින් එම හඳුනා ගැනීමේ පෙරට්ටු වලට අදාල නඩු මොනවා දැයි විමසීමේදී එබදු කිසිදු නඩුවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකය අපොහොසත් වී ඇත.

ඒ අනුව වසන්ත මුදලිගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපාලි මොහොට්ටි මහතා කරුණු දක්වමින් පැහැදිලිව අධිකරණයට දක්වා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග මත වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූව ද ඔහුව තවදුරටත් කෙසේ හෝ රක්ෂිත භාරයේ තබා ගැනීමේ අරමුණින් මෙබඳු කූඨ උපක්‍රම පොලිසිය විසින් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

සියලු කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා විසින් නොවැම්බර් මස 18 දිනට නැවත විභාගය කැදවන්නට තීරණය කරන ලදි. ඒ අනුව ලබන 18 වනදා මහේස්ත්‍රාත්වරයා වෙත මුදලිගේ මහතා ඉදිරිපත් කළ යුතුයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *