Latestදේශීය

සංචාරකයන් 2000ක් රැගත් නෞකාවක් කොළඹට

‘Mein Schiff 5’ නෞකාව මෙරටට පැමිණ තිබෙනවා.

මෙම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය බවයි සංචාරක අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද (29) උදෑසන මෙම නෞකාව කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයට ළඟා වී ඇති බවයි.

මෙම නෞකාවේ සංචාරකයන් දෙදහසකට ආසන්න ප්‍රමාණයක් සිටින බවයි වාර්තා වන්නේ.

එහි කාර්ය මණ්ඩලය නමසිය හතළිස් පහක් වන අතර මෙම මගීන්ගෙන් බොහෝ පිරිසක් යුරෝපීයයන් වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *