මාර්ග වල වැඩ අවසන් කරනවා – සිරිපාල ගම්ලත්
වැඩ අතරමග නතර වී ඇති මාර්ගවල ඉදිකිරීම් ඉතා ඉක්මනින් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් පැවසීය.
2023 අයවැය කාරකසභා අවස්ථාවේ පස්වන දිනය වන ඊයේ (28) ප්‍රවාහන අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව විවාදයට එක්වෙමින් මහාමාර්ග රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
කිලෝ මීටර ලක්ෂයේ වැඩසටහනේ අත්තිකාරම් මුදල් ලබා ගත් ඇතැම් පිරිස් ඒම වැඩ අතරමග නතර කර දමා ඇතැයිද කී රාජ්‍ය අමාත්‍යවරයා, ඉදිරියේ දී එම පිරිස ලවා එම වැඩකොටස සම්පූර්ණ කර ගැනීමට හෝ එම මුදල් නැවත අයකර ගැනීමට හෝ බලාපොරොත්තු වන බවද කීය.
මෙම අමාත්‍යංශය ප්‍රවාහන සහ මාර්ග යනුවෙන් කොටස් දෙකක් යටතේයි කටයුතු කරන්නේ. එය එකම අමාත්‍යංශයක් යටතේ කටයුතු කිරීමෙන් වඩා කාර්යක්ෂම ලෙස මෙම කටයුතු සිදු කළ හැකි යැයිද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

