Latestදේශීය

මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයන් විසි හතරක් අත්අඩංගුවට

උතුරු මුහුදේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කර මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකරමින් සිටි ඉන්දීය ධීවරයින් 24 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ යාපනය ,කරෙයිනගර්, කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු සීමාව තුළදීයි.

ඊයේ (28) සවස් කාලයේ මෙම විශේෂ මෙහෙයුම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදුකළ බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවටගත් ධීවරයින් 24 දෙනා ධීවර යාත්‍රා 5ක මෙලෙස අනවසරෙන් ධීවර කටයුතු සිදුකර තිබෙනවා.එම ධීවර යාත්‍රාද අත් අඩංගුවට ගත් බව වාර්තා වනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *