මහබැංකුව ස්වාධීන විය යුතුයි – ඉන්ද්‍රජිත් කුමාරස්වාමි
ශ්‍රී ලංකා මහ බැංකුව සංවර්ධන බැංකුවක් ලෙස නොසැලකිය යුතු බවත් එහි ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු බවත් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම වෛද්‍යවරයෙකු හමුවට යාම හා සමාන බවත් එමගින් ලබා දෙන විසඳුම් ඇතැම් විට අප්‍රසන්න විය හැකි බවත් ඔහු එහිදී අවධාරණය කර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පැවසුවේ, රාජ්‍ය මූල්‍ය එකඟතාවය පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ඒ සඳහා ව්‍යවස්ථාමය ප්‍රතිපාදන ආදී නීතිමය සාධක මඟින් මූල්‍ය කළමනාකරණයට සහාය විය යුතු බවද පවසයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහාය ලැබුණද නොලැබුණද ආර්ථිකය ස්ථාවර කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගත යුතු බවද ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වු සහනාධාර වැඩපිළිවෙලවල් ආර්ථික අර්බුදය වර්ධනය කිරීමට එක් හේතුවක් වූ බවත් මෙම සහනාධාර වැඩපිළිවෙල සඳහා අධික මුදලක් වැයකිරීම හේතුවෙන් අයවැය හිඟය තව තවත් ඉහළ නැංවුණු බවත් ඔහු පෙන්වා දෙයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

