Latestදේශීය

වරාය අධිකාරියේ අක්‍රමිකතා සොයාබලන්න කමිටුවක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වෘත්තීය සමිති නියෝජිතයන්ට සහ අනිකුත් පාර්ශව වලට අධිකාරියේ සිදුව ඇතැයි කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කරනවා.

මෙම පැමිණිලි සියල්ල විමර්ශනය කර මාස හයක් ඇතුළත අදාළ කමිටු වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිත බවයි වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී .එස් රුවන්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ.  විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පත්කර ඇති මෙම ත්‍රි පුද්ගල කමිටුව සඳහා එම්. ඩී .එස් පෙරේරා ,ගාමිණි කුමාරසිරි හා කේ.ජී.බී වසන්ත ගමගේ යන මහත්වරුන් ගේ නම් ඇතුලත්.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *