Latestදේශීය

සමාජය තුළ හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් සිටිනවා: අක්ෂි රෝග විශේෂඥයින්

සමාජය තුළ හඳුනා නොගත් ග්ලූකෝමා රෝගීන් සිටින බව අක්ෂි රෝග විශේෂඥයින් පවසනවා.

ග්ලූකෝමා රෝගය මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ නොපෙන්වන අතර මෙයින් ඇතිවන අන්ධභාවය නැවත යථා තත්වයට  පත්කිරීමට නොහැකි බවත් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය ප්‍රකාශ කළා.

 මෙහිදී පවතින අන්ධභාවය  වළක්වා  ගත හැකි ක්‍රමය  ග්ලූකෝමා රෝගීන් මුල් අවස්ථාවේදීම  හඳුනා ගැනීම බවත් ඇය පවසනවා.

සමාජය තුළ හඳුනා නොගත් රෝගීන් සිටින අතර හඳුනා ගත් රෝගීන්ද විශාල සංඛ්‍යාවක්  සිටින බවත්  ඇය සඳහන් කරනවා.

එසේම ග්ලූකෝමා තත්වය ඇතිවීමේ වැඩි අවදානමක් පවතින්නේ දියවැඩියා රෝගීන්ට  බවත් එහිදී නියොවැස්ත්‍රෝ ග්ලූකෝමා  යන දරුණු තත්වය ද ඇති වීමේ වැඩි ඉඩක් පවතී.

මේ තත්වය පාලනය කරගැනීමට නම් දියවැඩියා රෝගීන්  වසරකට වරක් අක්ෂී  පරීක්ෂාවකට යොමුවිය යුතු බවයි අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය දිල්රුවනි ආරියසිංහ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *