Latestදේශීය

සීනි කර්මාන්ත ශාලාවේ වැඩ වර්ජනය අඛණ්ඩව

සිකුරාදා සිට වැඩ වර්ජනයක නිරත වූ සෙවණගල සහ පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මේ හේතුවෙන් සීනි කර්මාන්ත ශාලාවල නඩත්තු කටයුතු ද ඇණහිට ඇත. 

සීනි කර්මාන්ත ශාලාවල සභාපතිවරයා ලෙස කටයුතු කළ ජනක නිමලචන්ද්‍ර මහතා වෙනුවට වැඩ බලන සභාපතිවරයෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයට එරෙහිවයි එම සේවකයින් මෙම වැඩ වර්ජනයකට අවතීර්ණ වී ඇත්තේ.

ප්‍රගතිශීලී සේවක සංගමයේ ලේකම් සිසිර කුමාර මහතා පවසන්නේ මෙම ගැටලුවට ලිඛිත විසඳුමක් ලැබෙන තුරු සිය වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *