Latestදේශීය

බායි රිමාන්ඩ් – රෝහලේ අධ්‍යක්ෂවරු 6කට විදෙස් ගමන් තහනමක්

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නැමැත්තා දෙසැම්බර් මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබා දී ඇත.

එමෙන්ම අදාළ වකුගඩු ජාවාරම සිදුකළ බව පැවසෙන බොරැල්ලේ පිහිටි පෞද්ගලික රෝහලේ අධ්‍යක්ෂවරු 6දෙනෙකු ට විදෙස් ගමන් තහනමක් ද අධිකරණය විසින් පනවා තිබේ.

මෙම වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රධාන තැරැව්කරු වන 41 හැවිරිදි  මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩීන් හෙවත් බායි නැමැත්තා අද (06) උදෑසන අත්අඩංගුවට ගනු ලැබීය.

අද දෙරණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *