දේශීය

අම්බලන්ගොඩදී හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අම්බලන්ගොඩ පොලිස් වසමේ බෙන්වල ප්‍රදේශයේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමක දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (31) සවස සිදුකර ඇති එම වැටලීමේ දී යතුරුපැදියක් තුළ පැකට් 8ක දමා තිබු හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් සොයා ගත් බවයි.‍

සැකකරු අද (01) දින බලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අන්තරාදායක ඖෂධ පනතේ විදිවිධාන යටත් දින 7ක රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *