සිරිධම්ම හිමියන්ට ඇප වසන්ත තවදුරටත් රිමාන්ඩ්
රටේ ජනතාවට මුහුණ දීමට බැරි තරමේ පීඩනයක් දියත් වූ වටපිටාවක එම පීඩනයට එරෙහිව අරගලයක් දියත් වූ බවත් එම අරගලයට අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බළමණ්ඩලය විදියට, ශිෂ්‍ය ව්‍යාපාරය නායකත්ව මැදිහත්වීමක් සිදු කළ බවත් එම මැදිහත්වීමට ආන්ඩුවේ පිළිතුර තමන් වෙත ලබ දුන් බවත් අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බළමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් පවසනවා. දින සියයකට අධික කාලයක් සිරගතව සිට අද ඇප ලබා අධිකරණයෙන් පිටව යන මොහොතේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිධම්ම හිමියන් මෙම අදහස් පල කළා.
ජනතාව මත පැටවූ අර්බුධය තවමත් එලෙසම පවතින බවත් එම නිසා අරගලයද අඛණ්ඩව සිදු කිරීමට සිදුවන බවත් මෙහිදී අවධාරණය කළ සිරිධම්ම හිමියන් තවමත් අත්අඩංගුවේ පසුවන වසන්ත මුදලිගේ නිදහස් කරගන්නා තුරු ඒ වගේම රටේ ජනතාවට ජීවත් වීමට සුදුසු වටපිටාවක් නිර්මාණය කරන තුරු මෙම අරගලය නොනවත්වා ඉදිරියට ක්‍රියාත්මක කරන බව සිරිධම්ම හිමියන් වැඩිදුරටත් පැවසුවා.
අද (06) දින පැවති නඩුවේදී සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේ මහතාට ඇප නියම වූ අතර අප ලබා අධිකරණයෙන් පිටව ගිය නමුත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ මහතා තවදුරටත් බන්ධනාගාර ගත කරනු ලැබුවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

