ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක
කොළඹ ජාතික රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලය අද (08)උදෑසන කාලයේ රාජකාරියෙන් බැහැරව වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.
ඉහළ යන ජීවන වියදම, මර්දනය නැවැත්වීම, බදු බර හා බඩු මිල අඩු කිරීම, සෞඛ්‍ය සේවයට 5%ක් වෙන් කිරීමට රජයට බල කිරීම සහ IMF යෝජනාවලට යටවෙන ජනතාද්‍රෝහී අයවැය පරදවමු යන කරුණු මුල්කර ගනිමිනුයි මෙම වැඩ වර්ජනය සංවිධානය කර ඇත්තේ.
උදෑසන කාලයේ පෙරවරු 8 සිට පැය 4ක් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබූ බව සඳහන්.
වර්ජනයේ නිරත සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින් පාගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.
මෙම වර්ජනය සම්බන්ධයෙන් ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා දැඩිව අප්‍රසාදය පළ කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

