ක්‍රීඩාදේශීයවිදේශීය

රොනාල්ඩෝ සහ මෙසී දෙස බලා සිටින පාපන්දු ප්‍රේක්ෂකාගාරය

මෙවර කටාර හී  පැවැත්වෙන ලෝක කුසලානය දැන් අර්ධ අවසන් පූර්ව වටයට පැමිණ තිබෙන අතර ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතර තරගයෙන් එම වටය අරම්භවනු ඇති. නමුත් ලොව පුරා ප්‍රේක්ෂකයින් මහත් අවධානයෙන් පසුවන  තරග දෙක වනුයේ හෙට පැවැත්වෙන නෙදර්ලන්තය සහ ආර්ජන්ටිනාව අතර තරගය සහ මොරොක්කෝව සහ පෘතුගාලය අතර තරග‍යයි. ඒ අන් කිසිවක් නිසා නොව ලොව පුරා ඉමහත් ප්‍රේක්ෂක ආකර්ශනයක් දිනාගෙන ඇති පෘතුගාලයේ  ප්‍රහාරක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ආර්ජන්ටිනා ක්‍රීඩක ලයනල් මෙසී එදින තරග බිමට පිවිසීමයි. 

සිය වෘත්තීය පාපන්දු දිවියේ  සන්ධ්‍යාභාගයට පැමින සිටින මෙම ක්‍රීඩකයින් දෙදෙනා එකම පිටියක දැක ගැනීමේ අවස්ථාව මෙම ලෝක කුසලානයේදි ප්‍රේක්ෂකයින්ට හිමිවනු ඇත්තේ ඔවුන්ගේ කණ්ඩායම් අවසන් තරගයට පිවිසිය හොත් පමණයි.  එසේ වීමට නම් හෙට පැවැත්වෙන තරග සහ අවසන් පූර්ව තරග පෘතුගාලය සහ ආජන්ටිනාව ජයගත යූතුයි.   

ආජන්ටිනාව සහ පෘතුගාලය තම ඉලක්ක සාර්ථකව ජයගත හොත් අවසන් මහා තරගය වෙත වන අවධානය අතිමහත් වනු ඇති.  

2018 වසරේ රුසියාවේ පැවති පාපන්දු ලෝක කුසලානය (එය පැවති මුලු කාලය පුරා) ලොව පුරා රසිකයින් බිලියන 3.572ක් එහෙමත් නැත්නම් ලෝක ජයගහනයෙන් බාගයකට වැඩිපිරිසක් නැරඹූබව ලෝක පාපන්දු සම්මේලනය එම තරගාවලියෙන් අනතුරුව සඳහන් කළා. 

මෙවර ලෝක කුසලානය ආර්ජන්ටිනාව සහ පෘතුගාලය අතර පැවැත්වෙන අවසන් මහා තරගයකින් අවසන් වුවහොත් එය පාපන්දු ලෝකය මෙතෙක් දැක ඇති වඩාත් ප්‍රභලම ලෝක කුසලාන අවසානය වනු ඇති. නමුත් ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ උරෙන් උර ගැටෙන අවසන් මහා තරගයක් අපට සැබවින්ම දැකිය හැකිද? 

එසේ වීමටනම් ආර්ජන්ටිනාව ප්‍රථමයෙන් නෙදර්ලන්තය පරාජය කල යුතු අතර ඉන් පසුව ක්‍රොඒෂියාව සහ බ්‍රසීලය අතර තරගයේ ජයග්‍රාහකයාව  අවසන් පූර්ව වටයේදී ආජන්ටිනාව විසින්  පරාජය කළ යුතුයි. එම ප්‍රබල පරීක්ෂණය සමත් වුවහොත්, ඔවුන් පසුගිය වසර 40 තුළ අවසන් මහා තරගයට පැමිණෙන සිව්වන වතාව සටහන් කරනුඇති. 

පෘතුගාලය කිසි දිනෙක ලෝක කුසලාන තරගාවලියක අවසන් කණ්ඩායම් හතරෙන් ඔබ්බට ගොස් නැති අතර ඔවුන්ගේ මංගල අවසන් මහා තරගයට යන ගමනේදී ඔවුන්ගේ පළමු අභියෝගය වන්නේ මොරොක්කෝව පරාජය කිරීමයි. එම තරගය ජයගෙන දෙසැම්බර් 14 අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය හෝ එංගලන්තය සමඟින් තරග කළ යුතුය. 

මෙසී සහ රොනාල්ඩෝ සහභාගී වන අවසන් තරඟයක වැදගත්කම කුමක්ද? 

නියත වශයෙන්ම එය බොහෝ පාපන්දු ලෝලීන්ගේ සිහිනයක් වනු ඇති. මෙම සුපිරි ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු පිටියට පිවිසෙන සෑම විටම කටාරයේ ක්‍රීඩාංගන අතුරු සිදුරු නැතුව පිරීගිය අතර ඔවුන් පසුගිය මාසය පුරාම ලොව පුරා පුවත් මවන්නන් බවටද පත්වී සිටියා.  

තිස් හත් හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ තිස් පස් හැවිරිදි ලයනල් මෙසී සුපිරි ක්‍රීඩකයින් යුගල පසුගිය දශක එකහමාරක කාලය තුල සුප්‍රකට බැලෝන් ඩි ඕර් සම්මානය තමුන් ගෙන් පිට ක්‍රීඩකයකු ජයග්‍රහණය කරනු දැක ඇත්තේ දෙවතාවක් පමණයි. 1956 වසරේ ප්‍රථම වරට ප්‍රධානය කරනු ලැබූ බැලෝන් ඩි ඕර් සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන්නේ ඉන් පෙර වසරේ දක්ෂතම ක්‍රීඩකයාටයි. මේ වනවිට ලයනල් මෙසී මෙම සම්මානය හත් වරක් ජයගෙන ඇති අතර, රොනාල්ඩෝ එය පස් වතාවක් ජයගෙන තිබෙනවා. 

ආර්ජන්ටිනාව සහ පෘතුගාලය අතර අවසන් මහා තරගයකින් අදහස් වන්නේ ක්‍රීඩාවේ වැඩිම කීර්තියක් ලබා ඇති ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ලෝක කුසලාන පදක්කමක් සමඟින් ඔවුන්ගේ කීර්තිමත් ක්‍රීඩා දිවිය අවසන් කරනු ඇති බවයි. එලෙසම මෙම ක්‍රීඩකයින් දෙදෙනාගෙන් සුපිරිතමයා කව්ද යන්න පිලිබඳ විවාදයේ යෙදී සිටින්නන් හටද එමගින් යම් පිලිතුරක් සොයා ගත හැකිවනු ඇති. 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?