රාජිත, වෙල්ගම, දුමින්ද ආන්ඩුවට…. ප්‍රභල ඇමතිකම් තුනක්
රාජිත සේනාරත්න, කුමාර වෙල්ගම, දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
ඔවුන්ට කැබිනට් අමාත්‍යධුර හිමි වනු ඇති බවත් බොහෝ දුරට ඒ සෞඛ්‍ය, ප්‍රවාහන, විදුලිබල යන අමාත්‍යංශ වනු ඇති ඇති බවත් එම ආරංචි මාර්ග කියා සිටියේය.
ඔවුන් ද ඇතුළත් කැබිනට් සංශෝධනයක් ඉදිරි දින කිහිපය තුළදී සිදු කිරීමට නියමිතව තිබේ.
ඔවුන්ට අමතරව තවත් කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දීමට නියමිතව ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ගත්තේ තමන් තවදුරටත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරමින් සිටින බවයි.
අද පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමට ද තමන්ට සහභාගි වීමට නොහැකි වනු ඇතැයි ද හෙතෙම පවසා තිබේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

