මාලිගාවත්ත ඝාතනයේ සැකකරුවන් හයක් අත්අඩංගුවට
මාලිගාවත්ත ජයන්ත වීරසේකර මාවත ප්රදේශයේදී පසුගිය 06 වැනිදා පුද්ගලයෙකු ඝාතනයට ලක්වුණා.
යකඩ බටයකින් පහර දී මෙම ඝාතනය සිදුකර තිබූ බවයි වාර්තා වුණේ.
මේ වන විට වාර්තා වන්නේ, මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි.
වැලිසර සහ කොළඹ 14 ප්රදේශයේ දී අවුරුදු 34 ක සහ 44 වයස්වල පසුවන්නන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
තවත් සැකකරුවන් සිව්දෙනෙකු දෙමටගොඩ සහ මරදාන ප්රදේශවලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් වයස අවුරුදු 18, 22, 27 සහ 31 යන වයස්වල පසුවන්නන්. අද (08) එම සැකකරුවන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

