බස් රථ දෙකක් අනතුරට ලක්වෙයි
ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අද (12) අලුයම 04.30ට පමණ අනතුරක් සිදුව ඇත.
කොළඹ – කුරුණෑගල මාර්ගයේ මැටිකුඹුර ආසන්නයේදී සිදුව ඇති මෙම අනතුර කොළඹ දෙසට ධාවනය වූ බස් රථය අනෙක් බස් රථයට ඉස්සර කිරීමට යාමේදී මෙසේ අනතුරට ලක්වී තිබෙනවා.
අනුරාධපුර ඩිපෝවට අයත් ලංගම බස් රථ දෙකක් එලෙස එකිනෙක ගැටී ඇත.
මෙම අනතුරින් 3 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර තුවාල ලබා ඇත්තේ, පසුපසින් පැමිණි බස් රථයේ කොන්දොස්තරවරයා හා ඉදිරිපස බසයේ පිටුපස ආසනයේ ගමන්ගත් පුද්ගලයින් දෙදෙනෙකු බවයි සඳහන් වන්නේ.
මේ වනවිට ඔවුන් කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොල්ගහවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

