උතුරු කොරියාවෙන් නව අත්හදා බැලීමක්
උතුරු කොරියාව විසින් නව අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.
එය අධි තෙරපුම් ඝන ඉන්ධන මෝටාරයක් බව වාර්තා වනවා.
පසුගිය 15 වැනිදා එරට නායක කිම් ජොන් උන්ගේ අධීක්ෂණයෙන් මෙම අත්හදා බැලීම සිදු කර ඇත්තේ සොහේ චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයේ දීයි.
අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සංවර්ධනය කිරීම සහ නව ආකාරයේ උපාය මාර්ගික අවි පද්ධතියක් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව මෙහිදී උතුරු කොරියානු නායකයා ප්‍රකාශකර තිබෙන බව විදෙස් වාර්තාවල සඳහන්.
එසේම තම රට න්‍යෂ්ටික බලය අතින් ශක්තිමත් කරවීමට තමන් අපේක්ෂා කරන බවද ඔහු සදහන් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

