පාන් මිල අඩුවෙයි
පාන් මිල සංශෝධනය කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට නියමිතයි.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ ජයවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 450ක පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට නියමිත අතර අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද හැකි අයුරින් අඩු කරන්නැයි ඉල්ලීමක් කරන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

