අත්අඩංගුවට පත් ලාංකික සරණාගතයින් පිරිසක් යළි මෙරටට පිටුවහල් කෙරේ
වියට්නාම අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් අතුරින් 151 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.
එම පිරිස විශේෂ ගුවන් යානයකින් ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණ ඇති බවයි කටුනායක ගුවන්තොටුපළේ කාර්යභාර නිලධාරිවරයා පැවසුවේ.
මේ වන විට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැමිණි පිරිසගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් ඉදිරි විමර්ශන සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
300කට අධික මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස යාත්‍රාවකින් කැනඩාව බලා යාත්‍රා කරමින් සිටියදී එහි ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ පාවෙමින් තිබියදී මෙසේ වියට්නාම අත්අඩංගුවට පත්ව ඇත.
එම පිරිස යළි මෙරටට පැමිණීමට සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම පිරිසෙන් 151 දෙනෙකු මෙලෙස පිටුවහල් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

