Latestදේශීය

පළාත් පාලන මැතිවරණයට දින නියමකෙරේ

2023 මාර්තු 10 වැනි දාට පෙර පළාත් පාලන මැතිවරණය පවත්වන බව මැතිවරණ කොමිසන් සභාව පවසනවා.

මැතිවරණ කොමිසන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සැලසුම් කරමින් පවතින බවයි.

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ලබන ජනවාරි මස 5 වැනි දාට පෙර නිකුත් කරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මැතිවරණයෙන් තේරී පත්වන සභිකයින්ගේ නම් මාර්තු 20 වැනි දාට පෙර ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට ද සැලසුම් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *